Background

නිර්මාපකයා




පොත ළඟට ගිහින්
පොත අතට ඇරන්
පොත හිතට ගන්න
අපි දුක් විඳින තරම්....


හැඩයක් නැති අකුරු පේළි
දිග හරහට එක එක ඉරි
පාටක් නැති රූප එක්ක
මමයි හිතයි දෙන්නම නිදි.....


දැනගත්තට සමීකරණ
ඉන්ගිරීසි තියරි කෑලි
තියරි එක්ක එක එක ලොකු 
නම් කියවෙන මෙතඩ් පාලි.....


මේ ඔක්කොම හොදට දැනන්
විභාගයත් පාස් උනත්
ඉතින් විභාගයට පස්සෙ 
ඒවත් අමතක වෙනවනෙ.....
-
-
-
-
-
-
-
-
-
-

මට ඕනෙ වැඩක් දෙන්න
තියරි සමීකරණ දාල
මොකක් හරිම අලුත් වැඩක්
කවුරුවත්ම අත නොතිබ්බ..


ඒකට කල් ගතවෙනවනෙ..
හිතල මතල වැඩ කරන්න..
නව සිතුවිලි පහන් වෙන්න
කොයින්ද ඕවට වෙලාව....
අනිද්ද තව විභාගයක් !!!







Categories: Share

Leave a Reply