Background

වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැනින්






හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුන මුමුන ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදේ
කථා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ

හිත මිතුරු සුළඟ.....

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැවු ඉපිල ඉපිල ඉතිර යන තුරා
හෝරා දෙකක් තුනක් ඉන්න
නෑවිත් වැහිවළා බදේ කඩඉමෙන් මෙහා

හිත මිතුරු සුළඟ...//

ගායනය-වික්ටර් රත්නායක
පද රචනය-මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය-වික්ටර් රත්නායක


කාලයක් තිස්සේ අප බලාසිටි මොහොත උදාවීමට ඇත්තේ තව හෝරා කීපයකි.මාස ගණන් සති ගණන්වලටද සති ගණන් දින ගණන්වලටද දින ගණන් හෝරා ගණන්වලටද පෙරැළී ඒ ආනන්දනීය වූ මොහොතට මුහුණ දීමට හිත කල් බලමින් සිටියි.අප හමුවී දෙඩීමද මහඟු සැණෙකෙළියකි හිත සැනසීමෙන් ගැවසී ගන්නා..අපට මහත් උත්කර්ශවත් වූ මේ මොහොත ගැන අහසටනම් වගක්වත් නැතුවා සේය.අහසද අතීතයේ අපට රැවුම් ගෙරවුම් පෑ චණ්ඩ ලෝකයට දෙවැනි නොවන්නේ අහසත් අද අපට ගොරවන නිසාවෙනි.
                                         මඩ වතුරද ගොහොරු මඩද ඉවසාගෙන ප්‍රේම කළ අපට වැස්සක් මහලොකු දෙයක් නොවේ.එනමුත් මේ මොහොත වැහිදියෙන් දිය නොවනවානම් එය මහත් අස්වැසිල්ලකි.අපට දොඩන්නට බොහෝ දේ ඇත.නිහඬව දෙනෙතින් කථා කරන්නට ඊටත් වඩා දේ ඇත.හුදු ප්‍රේමයේත් දයාවේත් ආනන්දනීය නිමේශයන්ට සුවදායක වූ වටපිටාවක් වඩාත් සුදුසු වන්නේ පුහු හැඟීම්වලට වඩා දෙයක් ස්නේහයේ ඇති නිසාවෙනි.ඊට මේ සිසිලස හොඳය රළු අව්වකට වඩා.නමුත් වැස්ස හොඳ නැත සළුපිලි ඇඟට ඇලෙන.නිදහසේ නිමේශයන්ට යථාර්ථවාදී නිකැළැල් ආදරය මුසුවන්නට වැහි වළාවේ හෝරා දෙක තුනක් පමාවනවානම් මැනවි.


ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න.

Categories: Share

Leave a Reply