Background

ආදරණීය දවසක්...





අද ආදරය සමරන දවසයි.සමහරු එසේ කරති. සමහරු එසේ සිතා සිටිති.ආදර මනුෂ්‍යයා තෘප්තිමත් කරන අතිශය සුන්දර වූ හැඟීමක් නම් එය සදාකාලික විය යුතුය.කුමටද එක් දිනක් පමණක්.මිනිසුන් සිත් අතරේ ගලා යන සුන්දර වූ ආල සිතුවිලි එකිනෙකාගේ චිත්තාභ්‍යන්තරයටම ගොඩවැදී උන් උන්ගේ හැකියාවන් නොහැකියාවන් අනුව ඔව්නොවුන් එක් එක් ආකාරයෙන් පාලනය කරනු ලබයි.
සමහරු ලෙන්ගතුකමද සමහරු හුදු ස්නේහයද තවත් සමහරු හුදු රාගයද මූලික කොටගෙන ආදරය කරති.ලෙන්ගතුකමත් ප්‍රෙමයත් මූලික කොටගෙන කරන ආදරය රාගික හැඟීම් උත්තේජනය කරන ආදරයට වඩා අගනේය.
                     රාගයෙන් පිරි උන් රාගයෙන්ම දැවී යති.නමුත් ගැහැණු පිරිමින් අතර ඇති සියුම් අවිහිංසක සංවේදනයන් මුසපත් කරන ප්‍රේමය ඊට වඩා එහා ගිය මානුෂික හැඟීමකි.ජීවිතය ජීවත් කරවන මහාර්ඝ ඖෂධාලයකි.තවෙකෙකුගේ සියුම් හැඟීම් වටහාගෙන කාලයට යාවත්කාලීනව පැවතීමට ස්නේහය වැදගත් සාධකයකි.

කෙසේ වුවද ලෝකය එක එකාට එක එක විදියය.එය තීරණය වන්නේ ඔවුනොවුන් ලෝකය දකින විධිවලිනි.අපට පෙනෙන ආකාරය මෙන්ම අප දකින ආකාරයද අපගේ තෙරුම් ගැනීමවලට බලපායි.අද දිනය දැකිය යුතු වන්නේද මේ දෘෂ්ටියත් සමඟය.අද දවසේ වරදක් නැත.අද ආදරය සැමරීමේද වරදක් නැත.හරි වැරැද්ද තීරණය වන්නේ අද දවස දකින ආකාරය අනුවය.පහත් වූ අභිමථාර්ථයන් මුසපත් කරගැනීමට යමෙක් අද යොදාගනීනම් එය වැරදිය.නමුදු අහිංසක විදියට අවංක ආදරය සැමරීම වටී.වඩා වැදගත් වන්නේ අපගේ දෘෂ්ටිය කෙතරම් පුළුල්ද යන්නය.

Categories: Share

Leave a Reply