රතු රෝස මල
දිලිසෙන පිනි බිඳු රැඳුන
සොඳුරු මේ හිමිදිරිය
තවත් සුන්දර කරන
මගේ ගෙවත්තේ පිපුන
රතුම රතු රෝස මල
නෙළා ගෙන සියුමැලිව
තබමි මා ඉදිරිපිට
සුවඳ දෙන්නට තවත්
හැඩ කරන්නට තවත්
වෙහෙස වී තැවී ගිය
මගෙ දෙනෙත් කලාපය
ඉර එලිය වදිනු බැරි
මළානික කරන්නට
සැඩ සුළඟ වදිනු බැරි
පෙති තලා දමන්නට
වසා හැම කවුළු පත්
අඩවල්ව දොර පියන්
නැවුම් සිසිලැල් දියෙන්
මුකුලිතව පියකරුව
රැක ගනිමි රෝස මල
රතු පාට.....
මළානික කරන්නට
සැඩ සුළඟ වදිනු බැරි
පෙති තලා දමන්නට
වසා හැම කවුළු පත්
අඩවල්ව දොර පියන්
නැවුම් සිසිලැල් දියෙන්
මුකුලිතව පියකරුව
රැක ගනිමි රෝස මල
රතු පාට.....