Background

විවේකය...


සිතුවිලි සිරවී පොඩි වී ගිය
අහංකාර මහ පොළව උඩ
ජීවිතය ඉල්ලා සටන් වදින සඳ
උනුන් කා කොටා තෙත් සිත් වියලී ගිය කලෙක
ආත්මීය සැනසිල්ලක අස්වැසිල්ලක් සිත දවටා ගනු පිණිස
ලෝකයෙන් මිදී මොහොතකට
සිත කය සනසන්න ලද්දා වූ
නිමේශයක කෙටි විරාමය....


හිස් හැරුණූ අත
කාර්යබහුලත්වයේ වෙස් දරාගෙන
වෙහෙසට පත්ව වෙහෙස නොතකමින්
නිමක් නැති තරඟයෙන්
තොර වූ සුළු මොහොතක..
වියළී ගිය සිත් තෙත්ව යන
අභ්‍යන්තරය සිසිලසින් දැවටී ගන්නා
හුස්ම ගන්නට ගත් මද ඉස්පාසුව...


යන්ත්‍රයක සේ පැවතෙන තත්පර ට්‍රිලියන ගනන් අතර
ලෝකයට රූකඩයක්ව දඟලන සියදහස් සිතුවිලි අතර
තමන් ජීවත්වන එකම එක නිමේශය
සොඳුරු වූ වසන්තය..
තත්පර කීපයක විවේකය..


ළා හිරු කිරණ දෙනෙතට අහරක් වන
සැනසුම් සිතුවිලි මනසට සැනසුමක් වන
ආදරයේත් ස්නේහයේත් සංඛ්‍යාතයට 
මනස කම්පනය වන...
ජීවිතය ජීවත් කරවන ආදරණීය විවේකය....
හුදෙලා.....








Categories: Share

Leave a Reply