මා මියයාමට පෙර...
මල්ලිය නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්න එපා
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා
දළදා මැදුරේ තේවා හඬ රැව්දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය සෙනසුරු මාරකය
මම පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-
සංගීතය-
කාලය හිතාගන්න බැරි වේගෙන් ගතවෙලා ගියා.ජීවිතේ හොඳම කාලෙ ගෙවිලා ගියේ යකඩ පොලු දොරට පිටිපස්සෙ.කවදාවත් කවුරුත්ම විඳින්න අකමැති දුක් ගොඩක් විඳ විඳ.කන්න තිබුනත් කෑවෙ නෑ ගිල්ලා.රහක් නොදැනුනෙ කෑම වල වරදක්ද නැත්නම් හිතේ දුකටද මන්දා...කොහොමත් මහවුළු ගෙදරට වෙලා කෑමක රහක් බලන්න ඉස්පාසුවක් නෑනෙ.හරියට නිදාගත්ත දවස් අතේ ඇඟිලි ගානටත් අඩුයි.මදුරුවන්ගෙ හිරිහැර දරාගන්න බැරුවනම් නෙවෙයි.මගෙ ජීවිතේ මමම වරද්දගත්ත තැන් මතක් වෙද්දි රෑ ගෙවිල යන්නෙ කඳුළටම ඉඩදීලා.
ඒත් මොනව කරන්නද.මම මෙච්චර දුක් විඳින මේ ජීවිතේ තෝරගත්තෙත් මම තමයි.හැමෝම වගේ මාත් ලොකෙට එද්දි නිර්දෝශී කෙනෙක්. ඉස්කෝලෙ ගියා.ඒත් ඉගෙනගත්තේ නෑ.මට මේ පාර කපල දීපු මගේම පාප මිත්රයෝ ඇරෙන්න මට වෙන ලෝකයක් තිබ්බෙ නෑ.රෑ දවල් නැතුව හන්දි ගානෙ පාලම් ගානෙ වේලිච්ච මගෙ ජීවිතේට සැනසුමක් දෙන්න හිටපු දෙතුන් දෙනාව මම දැක්කෙ කරදරයක් විදියට.
මට මගෙ ජීවිතේ හරි අරමුණක් ඇතිකරගන්න ඉඩ නොදුන්නෙ දවසින් දවස මාව වෙලාගත්ත සුරාවයි මම දවසින් දවස මම වැටෙද්දි මාව දාල ගියපු යාලුවො ටිකයි.යාලුවො කියන්න කට්ටිය ඇවිත් මට හදල දීපු අරමුණු ටික ඉෂ්ඨ කරගන්න මම ගියපු පාරෙ අවසානය විනාශය බව මට තේරෙද්දි මගේ අත් වලට මා0චු වැටිලත් හුඟක් කල්.කලුවට තිබ්බ හිසකෙස් සිපිරිගේ ඇතුලෙම සුදු වෙලා ජීවිතේ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙලා ජීවිතේ ගැන ගොඩක් දේවල් තේරෙනකොට මගේ ජීවිතේ අවසානය ල0 වෙලා.ආයෙමත් ජීවිතේ හදාගන්න ලැබුනොත් කරන්න වගේම නොකරන්න ඕන දේවලුත් මම දැනගන්නකොට ගොඩක් පමා වැඩියි.
ඒක නිසා තේරෙනකන් නොඉඳ තේරුම්ගත්ත අය කියන දේ අහන එක තමා නුවණක්කාරකම. එතකොට ජීවිතේ ඉතුරුයි.ඒකට තමන්ගෙ ජීවිතේ ගැන තීරණ යාළුවන්ට ගන්න ඉඩ නොතියා තමන්ගේම බුද්ධිය පාවිච්චි කරන්න ඕන.නොහොබිනාකම් හුරු නොවී හොඳ මිනිහෙක් විදියට පණ ඇතුව ලෝකෙ කෙලින් හිටගන්න තියෙන පාර ගැන දළදා තේවාවෙ හඩත් එක්ක හැමදාම මගෙ හිතේ ඇඳෙනවා.ඒ පාරෙ මට මුලින්ම යන්න බැරිවුනත් ඒ පාරෙ ගියානම් මට මෙහෙම නොවෙන බවනම් මට හොඳට තේරෙනවා.
ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න...