ඔබ ත්‍රිමාණ සජීවීකරණයට නවකයෙක්ද?
ත්‍රිමාණ සජීවීකරණ ක්‍රමවේද උපයෝගී කරගෙන නිර්මාණය කළ චිත්‍රපට,පරිඝනක ක්‍රීඩා,විශ්මිත වීඩියෝ දර්ශණ ඔබ දැක ඇතුවාට සැක නැත.නමුදු කෙදිනක හෝ ඔබ එවැනි සජීවීකරණයක්(Animation) නැතහොත් ත්‍රිමාණ රූපයක්(3D nodel) නිර්මාණය කිරීමට සිහින දුටුවාද?
ලාංකිකයෙකු ලෙස මෙවැනි කටයුත්තක් සිදුකිරීමට දුෂ්කරතා රාශියක් මූලිකවම පැනනගී.නිසැකවම 3D animation හැදෑරීමටනම් ඔබට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.එමෙන්ම අදාළ මෘදුකාංග,කාලය සඳහා ඔබට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේ.නමුත් ඔබ දන්නවාද ලොකයේ ඔබ වැනි මේ ක්ෂේත්‍රයට ඇලුම් කරන්නන්ටත් ඉඩක් වෙන්වී ඇති බව?
Blender ලොකයේ ජනප්‍රියම සහ හොඳම Open source මෘදුකාංගයයි.මෙම මෘදුකාංගය ඔබට නොමිලේ Download කරගැනීමට පහත අඩවියට පිවිසෙන්න.Blender යනු 3D max ,Maya වැනි අනෙකුත් වාණිජ ත්‍රිමාණ සජීවීකරණ මෘදුකාංග සඳහා ආදේශකයක් විදියට පරිඝනක ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත විසින් ලොකයට ලබාදුන් දායාදයක්.ඔබත් programming අතින් ප්‍රවීණයෙක්නම් Blender නවීකරණයට ඔබටත් ඉඩක් තිබෙනවා.එය Maya,3D max වැනි මෘදුකාංග වල නැති අවස්ථාවක්.
Blender මගින් නිර්මාණය කළ නිර්මාණ දැකගැනීමට මෙතනින් පිවිසෙන්න.
ඔබ මෙම මෘදුකාංගය ගැන කිසිවක් නොදන්නවානම්,ඔබට ත්‍රිමාණ සජීවීකරණය හැදෑරීමට ඇළුම් කරනවානම් ඒ සඳහාද අවස්ථාවක් තිබෙනවා.එම් අඩවියේ Blender ප්‍රවීණයන් විසින් සකස් කරන ලද Blender පාඩම් මාලාවන් නොමිලේ ලබාගැනීමට පහසුකම් තිබෙනවා.මෙම පාඩම් මැනවින් පියවරෙන් පියවර සකස් කරන ලද video සහ pdf වලින් යුතු නිසා පහසුවෙන් මෙන්ම ඔබට කාලය වෙන්කළහැකි ඕනෑම වෙලවක Blender හැදෑරිය හැකියි.දහස් ගනන් මුදල් වැයකළ යුතු නැහැ.නොමිලේ 3D ප්‍රවීණයෙක් වෙන්න පිවිසෙන්න.
3D max,Maya පමණක් නෙවෙයි Blender වලටත් ලොකයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා.ඔබ ත්‍රිමාණ නිර්මාණයේ යම් පමනක හෝ ප්‍රවීණයෙක්නම්,නැතහොත් ඔබ නුදුරේදීම එවැන්නෙක්නම් ඔබේ 3D models මිලදීගැනීමට ලෝකය සූදානම්..
එවැනි එක් උදාහරණයක්...