කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිළි ගීතය
ලොවම නිවන කවියක් වෙවා
ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය-සුනිල් දයානන්ද කෝණාර
සංගීතය-සුනිල් දයානන්ද කෝණාර
ඔබ ජීවිතයේ බොහෝ කාලයක් දරුවන් වෙනුවෙන් මිඩංගු කළ නමුත් තවමත් ඔබේ දරු සෙනෙහස සිදී නැත.මහා සාගරය පරදන ස්නේහයක් ඔබේ සිතේ ඇති බැවින් ඔබ දරුවන් වෙනුවෙන් අනේක බර උසුලා.අනෙක දුක් කරදර විඳ,දරු සම්පත කෙරෙහි මහත් වූ කරුණාව පෙරදැරිව ජීවිතය ගෙවා ඇත.ඔබ අදටත් එසේය.අනාගතයේදීද එසේමය.
දරුවන්ගෙ දසුන ඔබේ නෙතට අමා ගඟුලක්ය.ඔබ ඒ වෙනුවෙන් රෑ කළුවර පරයා බලා සිටියත් තවමත් ඔබේ නෙත් වෙහෙසී නැත.දරුව්න්ගේ හෙට දවස වෙනුවෙන් හීන දකින අද රාත්රියේද ඔබට නින්දක් නැත.ඔබේ නෙත් කවදාවත් දරු සෙනෙහසින් නොමිදෙනු ඇත.විශ්වීය ආදරයේ සදාකාලික රස සයුර අම්මාය.
දරුවන් උදෙසා මේ පුරන පාරමිතාවට විහඟුන් ද,නෙක තුරු වැල්ද, සුළඟද,අහසත් පොළවත් ද ආශිර්වාද කරනු ඇත.ඔබ ඔබේ නැළවිළි ගීයෙන් ලොවම නළවනු ඇත.
ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න..