සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා
දුකෙදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙක් ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියේ නුඹයි ඒ අම්මා
අහස මෙන් ලත් චෝදනා
පොළව මෙන් දුක් උහුලනා//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා
දුකේදී හැඬුමට....
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ
දුකේදී හැඬුමට....
ගායනය-ටී.එම්.ජයරත්න
පද රචනය-
සංගීතය-
යන ගමන සෙමින් නමුත් බෝ දුර යන්නට ඇය මා සමග ආවාය.මට ඈට දෙන්නට තිබුනේ ප්‍රේමය පමනක්ම සේම ඈ මාගෙන් බලාපොරොත්තු වූයේද එපමනකි.රළු පරළු මතින් වැටී වැටී යන ගමනේ මා සමග සිටියේ ඔබ පමනක්ම විය.
කටුක මනොභාවයන් මා හැඟුම් තෙරපන කළ ඒවා බෙදාගෙන අස්වසන්නට ඇය මහත් සමත්කම් දක්වන්නීය.මගේ කඳුලද,දොම්නසද පා කර යවා මහද ප්‍රනීත සිතුවිලි සයුරේ ගිල්වන්නට ඇය මහත් ශූරියකි.ලොකයේ දෘඩ ඇනුම් ගෙරවුම් මධ්‍යයේ මහපොළවක් සේ දුක දරාගෙන සැබෑ දයාවෙන් මා අස් වැසූ ශ්‍රියාකාන්තාව ඇයය.පිවිතුරු සෙනෙහේ දයා රසයෙන් ප්‍රනීත කර ජීවිතය රසගැන්වූ නිල් අහස් කුසක් සේ මා තුළ පැතිරී ගත් සදා නොනිමෙන පහන් තරුව ඇයය.
ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න..