මල්ලිය නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්න එපා
බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා
දළදා මැදුරේ තේවා හඬ රැව්දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය සෙනසුරු මාරකය
මම පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-
සංගීතය-
කාලය හිතාගන්න බැරි වේගෙන් ගතවෙලා ගියා.ජීවිතේ හොඳම කාලෙ ගෙවිලා ගියේ යකඩ පොලු දොරට පිටිපස්සෙ.කවදාවත් කවුරුත්ම විඳින්න අකමැති දුක් ගොඩක් විඳ විඳ.කන්න තිබුනත් කෑවෙ නෑ ගිල්ලා.රහක් නොදැනුනෙ කෑම වල වරදක්ද නැත්නම් හිතේ දුකටද මන්දා...කොහොමත් මහවුළු ගෙදරට වෙලා කෑමක රහක් බලන්න ඉස්පාසුවක් නෑනෙ.හරියට නිදාගත්ත දවස් අතේ ඇඟිලි ගානටත් අඩුයි.මදුරුවන්ගෙ හිරිහැර දරාගන්න බැරුවනම් නෙවෙයි.මගෙ ජීවිතේ මමම වරද්දගත්ත තැන් මතක් වෙද්දි රෑ ගෙවිල යන්නෙ කඳුළටම ඉඩදීලා.
ඒත් මොනව කරන්නද.මම මෙච්චර දුක් විඳින මේ ජීවිතේ තෝරගත්තෙත් මම තමයි.හැමෝම වගේ මාත් ලොකෙට එද්දි නිර්දෝශී කෙනෙක්. ඉස්කෝලෙ ගියා.ඒත් ඉගෙනගත්තේ නෑ.මට මේ පාර කපල දීපු මගේම පාප මිත්‍රයෝ ඇරෙන්න මට වෙන ලෝකයක් තිබ්බෙ නෑ.රෑ දවල් නැතුව හන්දි ගානෙ පාලම් ගානෙ වේලිච්ච මගෙ ජීවිතේට සැනසුමක් දෙන්න හිටපු දෙතුන් දෙනාව මම දැක්කෙ කරදරයක් විදියට.
මට මගෙ ජීවිතේ හරි අරමුණක් ඇතිකරගන්න ඉඩ නොදුන්නෙ දවසින් දවස මාව වෙලාගත්ත සුරාවයි මම දවසින් දවස මම වැටෙද්දි මාව දාල ගියපු යාලුවො ටිකයි.යාලුවො කියන්න කට්ටිය ඇවිත් මට හදල දීපු අරමුණු ටික ඉෂ්ඨ කරගන්න මම ගියපු පාරෙ අවසානය විනාශය බව මට තේරෙද්දි මගේ අත් වලට මා0චු වැටිලත් හුඟක් කල්.කලුවට තිබ්බ හිසකෙස් සිපිරිගේ ඇතුලෙම සුදු වෙලා ජීවිතේ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙලා ජීවිතේ ගැන ගොඩක් දේවල් තේරෙනකොට මගේ ජීවිතේ අවසානය ල0 වෙලා.ආයෙමත් ජීවිතේ හදාගන්න ලැබුනොත් කරන්න වගේම නොකරන්න ඕන දේවලුත් මම දැනගන්නකොට ගොඩක් පමා වැඩියි.
ඒක නිසා තේරෙනකන් නොඉඳ තේරුම්ගත්ත අය කියන දේ අහන එක තමා නුවණක්කාරකම. එතකොට ජීවිතේ ඉතුරුයි.ඒකට තමන්ගෙ ජීවිතේ ගැන තීරණ යාළුවන්ට ගන්න ඉඩ නොතියා තමන්ගේම බුද්ධිය පාවිච්චි කරන්න ඕන.නොහොබිනාකම් හුරු නොවී හොඳ මිනිහෙක් විදියට පණ ඇතුව ලෝකෙ කෙලින් හිටගන්න තියෙන පාර ගැන දළදා තේවාවෙ හඩත් එක්ක හැමදාම මගෙ හිතේ ඇඳෙනවා.ඒ පාරෙ මට මුලින්ම යන්න බැරිවුනත් ඒ පාරෙ ගියානම් මට මෙහෙම නොවෙන බවනම් මට හොඳට තේරෙනවා.
ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න...
කාල නැත්නම් මේක කියවන්න.කාලනම් ඒත් කියවල facebook එකට like එකකුත් දාලා යන්නකො...
එහෙනම් දෙගම්මැදි හෑලි නැතුව වැඩේට බැස්සා....
උදේට කන්න කියන්නේ ඇයි?
රාත්‍රී ආහාරයෙන් පස්සෙ පැය ගානක්,අඩුම පැය 6ක්වත් ශරීරයට කිසිම ආහාරයක් නැහැ.(නිදාගත්තත් නැතත්.)ඉතින් ආයෙමත් උදේ නැගිටලා වැඩ පටන්ගන්නනම් ශරීරයට,විශේෂයෙන්ම මොළයට ඉන්ධන ඕන කරනවා.අන්න ඒක නිසා උදේ ආහාරය හරිම වැදගත්.මොකද වාහනයක් උනත් empty tank දුවන්න බෑනෙ.
උදෙට කන්නෙ නෑ කියන්නේ Diet කරනවා කියලද?
නැහැ.එහෙනම් Dietකරන අය නොකාම ඉන්න ඕන.මොකද දවසේ වැදගත්ම ආහාර වේලත් නොගන්න එක එහෙම නැත්නම් අතපසු කරන එක වැරදියි.ශරීරයට ආහාර අත්‍යාවශ්‍යයි.ඇඟ අඩුකරගන්න,ලෙඩ අඩුකරගන්න Diet කරද්දි එකෙන් ශරීරයට වෙනත් අහිතකර ප්‍රතිඵල ඇතිවෙනවනම් ඒ Diet කිරීමෙන් ඇති වැඩක් නෑ.
උදේ ආහාරය නිසා සිරුරේ බර වැඩිවෙනවද?
කලිනුත් කිවුව වගේ සිරුරට ආහාර අත්‍යාවශ්‍ය නිසා බර අඩුකරගන්නවත් එහෙම නැත්නම් ලෙඩ අඩුකරගන්නවත් ආහාර ගැනීමෙන් මිදෙන්න අපට බෑ.කරන්න පුළුවන් දේ තමා ආහාර පාලනය.මෙතනදි සිද්ධවෙන්නෙ ප්‍රධාන වශයෙන්ම අපේ ඇඟට අත්‍යාවශ්‍යම නැති ආහාර වේල් සීමා කරන එක.ඒ කියන්නෙ පොඩි බඩගින්නට ගන්න පොඩි පොඩි snack ජාති එහෙම සීමා කරන එක.ඊට අමතරව ප්‍රධාන ආහාරවේල්වලදි ගන්න ඔය සමහර අහිතකර කෑම ජාති නතර කරන එක.මේකට කරන්න පුළුවන් හොඳම වැඩේ තමා අත්‍යාවශ්‍යය ආහාර වේල් ඉතා නිවැරදිව ගන්න එක.ඒ කියන්නේ නියම වෙලාවට නියම දේ.එතකොට අපි උදේ ආහාරය හරියට ගන්නවා කියන්නේ උදේ ආහාරයට පස්සේ අපි ගන්න පුංචි කෑම ගන්න වෙන්නෙ නෑ කියන එක නේද?එකෙන් සල්ලිත් ඉතුරුයි.සල්ලි දීලා යීස්ට් ගිලල බඩ නරක්වෙන්නෙත් නෑ.ඒ කියන්නෙ උදේ ආහාරය සිරුරේ බර අඩුකරගන්න ලොකු උදවුවක්.
තව එකක්...
උදේ ආහාරය ගත්තට පස්සෙ ඒ කියන්නෙ ටැංකියට තෙල් ගහගත්තට පස්සෙ එන්ජිම ඩුං ඩුං ගාලා වැඩ.ඒ කියන්නේ අපේ කාර්යක්ශමතාව වැඩි වෙනව.එත්කොට මොකද වෙන්නෙ.අපි වැඩ ගොඩක් කරන්න ඇඟ මහන්සි කරවනව.එතකොට අපෙ ඇඟේ තියෙන මේද වැයවෙනව.ඒක ඇඟටත් හොඳයි.හිතටත් හොඳයි.
ඕං තවත් එකක්...
අපි උදේට සාමාන්‍යයෙන් ධාන්‍ය,ඇට වර්ග එහෙම නැත්නම් වියලි පළතුරු වගේ කෑම ගන්නවනම් ඒවගෙ තියෙන විටමින්,ඛනිජ වර්ග වෙනත් ආහාර වේල් වලින් ගන්න අමාරුයි.ඒ කියන්නේ නිදිමතේ හරි උදේට කනවා කියන්නේ රත්තරං වගේ විටමින් කනවා කියන එකනේ.
ඔබ දැනගත්තත් නැතත්...
එක්සත් ජනපදයේ කරපු සමීක්ෂණ වලින් පෙනී ගිහින් තියෙනවා ඔය උදේට කන සුදු නෝනලා මහත්වරුන්ට දියවැඩියාව,අධික කොලෙස්ට්‍රොල් මට්ටම් හැදෙන්න තියෙන සම්භාවිතාව 50%කින් විතර අඩුයි කියල.ඕං කළු උදවියටත් ඔච්චර තමා.ඔන්න එහෙනම් Diabetes වගේ පොෂ් ලෙඩ හදාගෙන පොෂ් විදියට live කරන්න උදේට නොකාම ඉන්න හොඳේ.
උදේට නොකා ඉන්න නිදහසට කරුණු..
අයියෝ වැඩ අප්පා....
ඉතුරු වැඩ ටික කිසි කිසි වගේ කරන්න බඩ පුරෝගෙනම වැඩට බහින්න ඕන.නැත්නම් එන්ජිම අතර මගදි ලෙඩ දාල මග නවතින්න පුළුවන්.
අනේ කලින් වැඩිනේ..
එහෙනම් රෑ කෑම කලින් ගන්න.එතකොට උදේට බඩගිනි වෙනවනෙ.අන්න එතකොට හිතේ තන්තෝතෙන් කෑ හැකි.
පරක්කු උනා අයියෝ, කන්න වෙලා නෑ...
ඕකට කරන්න තියෙන්නෙ කලින් නැගිටින එක තමා.පශ්චාත්භාගයට ළා හිරු කිරණ වැටෙනකන් ඉන්නෙ නැතුව කලින් ඇහැරෙන්න කලින් නිදාගන්න.ඒකට ඉතින් Anti-reality show software එකක් ඔලුවෙ install කරගත්තනම් හරි.කොහොමෙන් කොහොමහරි කන්න වෙලාවක් හදාගන්න එක තමන් වෙනුවෙන් තමන් කරගන්න ඕන ව්‍යපෘතියක්.
මෙන්න මේ විදියට උදේට කාලා ලෙඩක් දුකක් නැතුව ඉන්න කියල ඔන්න ආරාධනා කරනව.මම Doctor කෙනෙක් නොවන නිසා මේ විස්තර ටික හොයාගත්තේ අන්තර්ජංජාලයෙන්.ඔය හිතෙන දේවල් ටිකකුත් එහෙන් මෙහෙන් දැම්ම.ඉතින් කියවල බලල මොනවහරි දෙයක් දැනගත්තනං ඒක ලොකු සතුටක්.සතුට වැඩිවෙන්න කියල පහළ comment එකක් දාලා ගියත් හොඳයි.ඒක ඔයාලගෙ කැමැත්ත.කොහොමෙන් කොහොමහරි මේ කතන්දර ටික දැනගත්තේ මෙන්න මේ link එකෙන්.ගිහින් කියවල බලන්නකො ඉංග්‍රීසියෙන් ලියල තියෙන අපූරුව...(copy කලා එහෙම නෙවේ ඔන්න)